නිහඩ අකුණු …

හාත්පස අදුරින් වෙලාගෙන වහින වැස්ස වෙලාවකට සොදුරුයි. ආදරණීයයි. හිතට වගේම ගතට දැනෙන සීතල අස්සේ ගුලි වෙලා අතීතයට අනාගතයට යන්න පියාපත් ලැබිලා වගේ පියාඹන්න හිතෙනවා. අතීතේ දුක්බර මතක අස්සේ හිර වෙලා ආයෙත් පියවි ලෝකෙට ඇවිත් ගැස්සෙනකොට අනාගතේට ඉක්මනට දුවන්න හිතෙනවා.නැත්නම් ආසම පොතක් කෝපි කෝප්පයක් බොන අතරතුර රස විදින්න. ඇස් පියාගෙන ලස්සන සිංදුවක් අහන ගමන් ඒක මුමුණනන්න... Continue Reading →

Advertisements

සැබෑ ලෝකෙ තනි වෙනවට වඩා පොත් ඇතුලේ හිරවෙන්න

වෙනදා උදේ ඇහැරුණු ගමන් ඔලුවට එන්නේ ඒ දවස ඇතුලත කරන්න තියෙන වැඩ කන්දරාව. ඒත් දැන් අවදි වෙද්දී හිතට දැනෙන්නේ නිදහස. ඒ නිදහස ඇතුලේ හුදකලාව ගොඩක් දැනෙනවා. අවුරුදු ගාණකට කලින් නතර කරපු ඉඩක් ලැබුණු ගමන් අනිවාර්යයෙන් වැලද ගත්තු ඒ දේට ආයෙත් ඉඩ දෙන්න හොදම අවස්ථාව මේක කියලා මට හිතුණා. දැන් ඒ දේට වුවමනාවටත් වඩා කාලය තියේ.... Continue Reading →

බලාහිදීම

බලාපොරොත්තු ,අපේක්ෂාවන් මධ්‍යයේ ඒ සියල්ල ඒ අයුරින් ඉටු වනතුරු සියල්ලෝම කිසියම් දෙයක් වෙනුවෙන් නියමිත කාලය, නිශ්චිත අවස්ථාව එනකල් බලා ඉන්නවා . ඒ කියන්නේ බලාහිදීමත් අපේ ජීවිත වල කොටසක්. මව්කුසේ ඉන්න ළදරුවකු මෙලොව එලිය දකින තුරු අම්මා කෙනෙක් බලා ඉන්නේ ගොඩාක් බලාපොරොත්තු කැටිකරගෙන. දරුවා ඉපදුනහම බලා ඉන්න වුනු හේතුව අවසන් වුනත් බලා සිටීමට අවශ්‍ය හේතු එකින්... Continue Reading →

එහෙනම් හැමදාම අහස බලන්නකෝ

ගොඩාක් ඉස්සර ආසාවෙන් කරපු දේවල් දැන් මතක නැති වෙලා ගිහින්.කාලෙත් එක්ක සමහර දේවල් එක්ක ඒවා මග හැරිලා. එකපාරටම ඒ දේවල් මතක් උනේ ඔයා නිසා. ඔයා කැමතිම මොනාට ද කියලා මං ඔයාගෙන් ඇහුවම ඔයා කිව්වෙ " මං ආසයි රෑට අහස දිහා බලන් ඉන්න ගොඩක් වෙලා, බලන් ඉදලා ගොඩක් දේවල් හිතන්න , සමහර දේවල් ඉල්ලන්න " එතකොටම... Continue Reading →

මං ආසයි පොලියානා වගේ හිතන්න

එලීනර් හොජ්මන් පෝටර් විසින් රචිත, පොලියානා නමින් කත්‍යානා අමරසිංහ විසින් සිංහලයට පරිවර්තනය වූ ජනප්‍රිය කෘතිය, මං කියවපු ලස්සනම පොත් අතරට එකතු වුණා. මං හරි ආසයි එයාගේ සතුටු හිතෙන සෙල්ලම කරන්න , ඒ සෙල්ලම හැමෝටම කියලා දීලා හැමොම සතුටින් තියන්න. අනාථ නිවාසෙක හැදුනු පොලියානාගේ අම්මා තාත්තා නෑ.කුඩා කාලයේ ඉදන්ම ඕන දේ වෙනුවට ලැබුණු දේ තමා බාර... Continue Reading →

ඒ වචන දෝංකාර දෙනවා වගේ තාමත්

සුපුරුදු පරිදි මං ඩොක්ට ලගට ගියේ මෙඩිකල් එකක් ගන්න , සතියකට සැරයක් එන නිසා මමයි මගේ යාලුවොයි මෙඩිකල් සෙන්ටර් එකේ ඉන්න හැමොම දන්නවා. " ඔයාගේ වෛද්‍ය වාර්තා ගෙනාවද දරුවෝ" කියද්දිම මගේ යෙහෙලිය එය ඩොක්ට අතට දුන්නා . ඒ වාර්තා දිහා බලලා මං දිහාවට හැරුනේ ලොකු දෙයක් මට කියන්න වගේ. ඔව් අනිත් හැම ඩොක්ට කෙනෙක්ම මගෙන්... Continue Reading →

ජීවත් වෙනවා කියන්නේ හුස්ම ගන්නවට නෙවේ.

මොකද්ද මේ අපි හැමෝම කරන්නේ ? හැමෝම අති තරගකාරී ලෝකය තුළ ධාවන තරගාවලියක නිරත වෙලා වගේ. ගොඩාක් කාර්ය බහුල වෙලා. ලග ඉන්න කෙනා ගැන හොයන්නත් බොහෝ විට අතපසු වෙනවා. මිනිස්සු මොකද්දෝ හොයනවා. මට හිතෙන්නේ එහෙමයි. ඇහුවොත් කියන්නේ නම් හැමදේම කරන්නේ ජීවත් වෙන්න කියලා. මං දෙයක් අහන්නම් නිකමට හිතලා බලන්නකෝ ඔයාට ඔයා ජීවත් වෙනවා කියලා දැනිලා... Continue Reading →

පපුව ඇතුලේ ගැහෙන හදවතක් ජීවත් වෙන්න ප්‍රමාණවත්

ජීවිතේ සමහර කාල වලට එන ප්‍රශ්න හිතේ තියන් ඉන්නවා මිසක් කාටවත් කියන්න බැරිව හිතේ හිර කරගන්න වෙනවා.හැමදේම හොදින් වෙයි කියන බලාපොරොත්තුව තියාගෙන, අවශ්‍යයම මොහොතෙ කරන්න ඕනෙ දේ කරන්න බැරි වෙද්දි ,එහෙම වෙන්නේ මං ඉන්න තත්ත්වය නිසා කියලා දැනෙද්දී , ගොඩාක් දේවල් මට මග හැරෙද්දී , අනිත් අය ඒ දේවල් මගෙන් උදුර ගන්න හදද්දී, හැමදේම දවසක... Continue Reading →

හදවතේ මනුෂ්‍යත්වය , හිතේ ශක්තිය , මුහුණේ සිනහව තියාගන්න ..

කාලයක් තිබුණා පොඩි දේ ගැනත් ලොකුවට හිතපු , අනිත් අයගේ ප්‍රශ්නත් ඔලුවට දාගෙන ඒ ගැන හිතපු, පොඩි දේටත් ඕනවටත් වඩා දුක හිතපු, අඩපු . ඒ කියන්නේ දැන් එහෙම නෑ කියන එකම නෙවේ. ඒත් ඕනවට වඩා හිතන එක, අනිත් අයගේ ප්‍රශ්න ඔලුවට දා ගන්න එක නැවැත්තුවා මොකද ඒකෙ තේරුමක් නෑ නිකන් ඔලුවට බරක් විතරයි කියලා තේරුම්... Continue Reading →

WordPress.com.

Up ↑