හදවතේ මනුෂ්‍යත්වය , හිතේ ශක්තිය , මුහුණේ සිනහව තියාගන්න ..

කාලයක් තිබුණා පොඩි දේ ගැනත් ලොකුවට හිතපු , අනිත් අයගේ ප්‍රශ්නත් ඔලුවට දාගෙන ඒ ගැන හිතපු, පොඩි දේටත් ඕනවටත් වඩා දුක හිතපු, අඩපු . ඒ කියන්නේ දැන් එහෙම නෑ කියන එකම නෙවේ. ඒත් ඕනවට වඩා හිතන එක, අනිත් අයගේ ප්‍රශ්න ඔලුවට දා ගන්න එක නැවැත්තුවා මොකද ඒකෙ තේරුමක් නෑ නිකන් ඔලුවට බරක් විතරයි කියලා තේරුම් ගත්තු නිසා, මං ඒකට හිත හදා ගත්තේ මෙහෙමයි. අනිත් අයගේ ප්‍රශ්න ගැන හිතනවට වඩා මං ගැන හිතන්න කොච්චර දේවල් තියේද කියලා , නෑ මං කිව්වේ මං අනිත් අය ගැන හිතෙන්නේ නෑ කියලා නෙවේ එහෙම හිතුවා නම් ඒක වැරදි.මං කිව්වේ අනිත් අයගේ ප්‍රශ්න අපිට විසදන්න මැදිහත් වෙන්න බැරි නම් ඒ ගැන හිතලා දුක් වෙන්නේ නෑ කියලා මොකද ඒකෙන් අපිටත් එයාලටත් ඵලක් නෑ.

අනිත් දේ තමා කලින් පොඩි දේටත් අඩපු මට ගොඩාක් දේවල් ඉදිරියේ කදුලු වැටෙන්නේ නෑ,සමහරවිට අනිත් අය පොඩි දෙටත් අඩද්දි මං ඇඩුවේ නෑ ,එතකොට මට හිතුනේ මේ අඩන්නේ අඩන්න ඕන හේතුවකට ද කියලා ,ඒ අය දිහා අනුකම්පාවෙන් බලලා මං හිතුවේ එහෙනම් මට අඩන්න කොච්චර හේතු තියේ ද කියලා, මම මං ගැනම හිතලා මාවම උදාහරණයට අරන් බැලුවම මට ඇඩුනේ නෑ.මං හිතන්නේ මං ඒ දේවල් වලට පුරුදු වෙලා. ඒ් කාටත් හොරෙන් වැටුනු කදුලු මං ම තනියෙන් දරාගත්තු නිසා වෙන්න ඇති.

මං දැකලා තියෙනවා විශේෂයෙන් ගැහැනු ලමයි , මගේ යාලුවෝ පොඩි දේත් කරගන්න බැරි වෙද්දී වෙනස් තත්වයන්ට මුහුණ දෙන්න වෙද්දී ගොඩක් හිතින් වැටෙනවා. කොහොමද කරන්නේ, මට නම් බෑ කියලා . ජීවිතේ අපිට තව ගොඩාක් දුර යන්න වෙනවා.ගොඩක් දේවල් වලට අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. වෙනස්වීම් දරාගන්න වෙනවා. මොකද එයාලා මුහුණ දෙන ගොඩක් දේවල් වලට අභියෝග වලට මං මේ තත්වේ ඉදන් හිනා මුසු මුහුනින් බාර ගන්නවා නම් ඔයාලට ඇයි බැරි කියලා මං එතකොට අහනවා.

සමහරුන්ට ලැබිලා තියෙන ජීවිතේ වටිනාකම තෙරෙන්නෙ නෑ. ලස්සනට ජීවත් වෙන්න පුලුවන්කම තියෙද්දිත් ජීවිතේ විනාශ කරගන්න හදන මිනිස්සු දැක්කම මට පුදුම වේදනාවක් දැනෙන්නේ.මොකද ඒ වගේ ජීවිතයක් ගැන හීන මවන, අනේ මටත් තිබුණා නම් කියලා හිතන මිනිස්සුත් ඉන්න නිසා.

තව දෙයක් තමා තනතුරු නිසා මාන්නයෙන් ඉන්න මිනිස්සු. එයාලා එහෙම ඉන්නේ එයාලාගේ තනතුර, නිලය, වත්කම නිසා වෙන්න ඇති. ඒත් ඒ ගොඩක් අය ලග මනුස්සකම පොඩ්ඩක් වත් ගෑවිලා නැත්නම් ඒ මිනිසුන්ගේ වටිනාකමක් නෑ.ගොඩක් අය මැඩම්, සර් කියලා කතා කරයි. හැබැයි ඒ තනතුර නිසා. මගේ අත්දැකීමෙන් මං ගොඩක් ඒ වගේ මිනිස්සු දැකලා තියේ. තරහක් දැනෙනවා . ඒ සැනින්ම එයාලා ගැන අනුකම්පා හිතෙනවා. නීති රීති මොන දේත් වැඩක් නෑ මනුස්සකම නැති නීතියක් නම්. මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතුකමක් ,මිනිස්සු ඉපදිලා ඉන්නේ එකිනෙකාට උදව් කරන්න . ජීවත් වෙන මේ පොඩි කාලෙට මොන ලොකුකම් ද. මනුස්සකම තමා කෙනෙක්ට ආභරණයක් වෙන්නේ. ආඩම්බර වෙන්න එතකොට .නැතුව නිල බල හමුවෙ නෙමේ.

මොන ප්‍රශ්න ආවත් හිනා වෙලා ඉන්න.හිනා වෙන්න බෑ හිනා වෙන්න හේතු නැත්නම් , දරාගන්න බැරි පීඩනයක් , ප්‍රශ්නයක් හිතේ තියෙනවනම්. ඒක හරි. මං කියන්නේ නෑ බොරුවට හිනා වෙන්න කියලා. අවංකව හදවතින් හිනා වෙන්න අනිත් අය වෙනුවෙන්. එහෙම වෙද්දි ඔයා මොන ප්‍රශ්නෙක හිටියත් අනිත් අය හිතයි ඔයා සතුටින් කියලා,ඔයාගෙ දුක පේන්නේ නැති වෙයි. ඒත් එක දෙයක් ඔයාගෙ හිනාවෙන් තව කෙනෙක්ගෙ මුහුණට හිනාවක් එයි. දන්නවද ඒක ගොඩාක් වටිනවා.

තව කෙනෙක්ගෙ සතුටක් වෙන්න , ශක්තියක් වෙන්න ඒ දේවල් වල ප්‍රතිඵල ඔයාගෙ ජීවිතේ මොනම දේකදි හෝ අදෘශ්‍යමාන හස්තයක් සේ ලග රැදේවි. ඒ නිසා හිතේ ශක්තිය , හදවතේ මනුෂ්‍යත්වය , මුහුණේ සිනහව තියාගන්න. වැදගත්ම දේ සැබෑ මිනිසෙකු සේ ජීවත් වෙන්න.

සටහන : චාමිනි කුමාරතුංග

Advertisements

5 thoughts on “හදවතේ මනුෂ්‍යත්වය , හිතේ ශක්තිය , මුහුණේ සිනහව තියාගන්න ..

Add yours

  1. ඉතාමත් හොද අදහස් තිබෙන ලිපියක්. කාලෙකින් නේද ලිපියක් ලිව්වේ? තව තවත් නිර්මාණය කිරිමට ඔබට ශක්තිය ලැබේවා.

    Liked by 1 person

    1. ඔව් අධ්‍යාපනය වැඩකටයුතු එක්ක කාලය වෙන් කරන්න ටිකක් අපහසු උනා. ඉඩක් ලැබුනු වහාම ලියනවා අනිවාර්යයෙන්ම , ස්තූතියි Manoj aiye

      Like

      1. සතුටුයි ඒ ගැන. අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඉලග ලිපිය ලියන්නන් බලන් ඉන්නවා.

        Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

WordPress.com.

Up ↑

%d bloggers like this: