මට වටිනම කෙනා..

මිනිස්සු විදියට උපත ලබපු අපි මිනිස් ජීවිතයේ වටිනාකම වගේම මිනිසෙකු ලෙස ජීවත් විය යුතු ආකාරය හරි හැටි අවබෝධ කර නොමැති බව අද සිදුවන බොහෝ සිදුවීම් වලින් මනාව නිරූපණය වේ. තමන්ගේ ජීවිතය සේම අන් අයගේ ජීවිත වල ඇති වටිනාකම නොදත් මිනිසුන් අනුන්ගේ ජීවිතය උදුරා ගැනීමට මෙන්ම බලාපොරොත්තු සිද බිද දැමීමට දෙවරක් නොසිතන්නේ පරාර්ථකාමී යැයි ලොවට පෙන්වා හිත තුල ඇති ආත්මාර්ථකාමීත්වය ඉස්මතු වන නිසාවෙනි. මුලු මහත් සමාජයක් නිවැරදි කිරීමට නොව තම තමන්ගේ ආකල්ප වෙනස් කරගනිමින් පලමුව තමන් වෙනස් වීම සිදු විය යුතුය . ආදරය, ආරක්ෂාව , රැකවරණය තමාට මෙන්ම අන් අයටත් සතා සීපාවටත් එක සේ අවශ්‍ය දෙයක් බව කවදා කෙසේ මිනිසා තේරුම් ගන්නේ දැයි සිතා ගත නොහැක. බලන්න මේ කතාව කියන්න හදන්නේ කුමක් ද කියලා .

“බලු පැටවුන් විකිණීමට ඇත

මේ විදියට එක්තරා වෙලදසැලක ලොකු පුවරුවක ලියලා තිබුනා. පාරෙ යන එන හැමෝටම වගේ මේ පුවරුව පේනවා. ඒ වගේම නිරන්තරයෙන් පොඩි ලමයින් ඒ වෙලද සැල අසල ගැවසුනා. දවසක් අවු 10ක් පමණ වයස පුංචි පිරිමි ලමයෙක් මේ වෙලදසැලට ආවෙ බලු පැටියෙක් ගෙදර ගෙනියන්න ආසවෙන්. වෙලද සැලේ අයිතිකරුගෙන් බලු පැටියෙක්ගේ වටිනාකම ඇහුවා.

” එක බලු පැටියෙක් රුපියල් 1000 යි. ”

ඒත් මේ පිරිමි ලමයා ලග තිබුනේ රුපියල් 300යි.

” මං ලග එච්චර සල්ලි නෑනේ. ඒත් මට බලු පැටව් බලන්න ඉඩ දෙන්න පුලුවන් ද මං වෙන දවසක ඇවිත් සල්ලි දීලා ගෙනියන්නම්”

ඒකට අයිතිකරු ඉඩ දුන්නා . මේ ලමයා කුඩා කාමරයක් තුලින් ගොස් බලු පැටව් ඉන්න තැනට ගියාම බලු පැටව් දුවන් ඇවිත් එයාගෙ ඇගේ එල්ලුනා. එයා දැක්කා එක බලු පැටියෙක් හිමින් හිමින් කකුල අද්දමින් එන හැටි. ඒ දිහා බලන් හිටිය ඔහු අයිතිකරුගෙන් ඒ බලු පැටියා ගැන විමසුවා. ” මට ඕන එයාව තමා.”

” ඔයාට මේ බලු පැටියාගෙන් වැඩක් නෑ. එයාට ඔයත් එක්ක දුවන්න ,සෙල්ලම් කරන්න බෑ. වෙන බලු පැටියෙක් ගන්න ” කියලා අයිතිකරු සිනා මුසු මුහුනින් පැවසුවා.

“නෑ මට ඕන මෙයාව ” කියලා බලු පැටියා අතට ගත්තා.

” ඕන නම් මෙයාව නිකන් දෙන්නම් සල්ලි එපා” කියලා අයිතිකරු පැවසුවම පිරිමි ලමයා මෙහෙම කිව්වා.

” මට වටිනම බලු පැටියා වෙන්නේ මෙයා. අනිත් හැම කෙනාටම වඩා සැලකිල්ල , ආදරය ඕන මෙයාට. එයාව තේරුම් ගන්න පුලුවන් කෙනෙකුයි අවශ්‍ය .මං එක්ක දුවන්න බැරි වුනාට කමක් නෑ. ඒත් මං එක්ක එයාට සෙල්ලම් කරන්න පුලුවන්. ඊලග දවසේ මං ඉතුරු සල්ලි ගෙනත් දෙන්නම්.”

මොකද්ද ඔයාට දැනුනේ. ආදරය, කරුණාව හැමෝටම ඕන ඔයාට වගේම එහෙම නේද. කවදාවත් කාගෙවත් ජීවිතයක් ආදරයක් අවතක්සේරුවට ලක් කරන්න එපා. මොකද ඒකෙ වටිනාකම දන්නේ ඒ ජීවිතේ අයිති කෙනා විතරයි.කොහොමද තව කෙනෙක්ගේ ජීවිතේ වටිනාකම මනින්නේ ?

පරිපූර්ණ යැයි සිතන බොහෝ දෙනා ඇතුලත ඇති හිඩැස ලෝකයටම පෙනෙන බව ඔවුන් දන්නේ නෑ.

සටහන : චාමිනි කුමාරතුංග .

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

WordPress.com.

Up ↑

%d bloggers like this: