හොද දැක්මක් ඇති කරගමු..❤ ❤

සමහරවිට ඔයාගේ ජීවිතයට ගොඩක් පුද්ගලයන් ආවා ගියා වෙන්න පුලුවන්.ඔයාගේ ජීවිතේට විතරක් නෙවේ හැමෝගෙම ජීවිත වල එහෙමයි. එහෙම වුනේ හේතුවක් ඇතිව. ඒ ආපු ගිහිපු අය රැදුනු අය ජීවිතේට මොකක් හෝ පාඩමක් කියලා දෙනවා. ඔයාට උදව් කරන්න ඇති. ඔයා අද මෙතන ඉන්න කෙනා බවට පත් කරන්න මහන්සි වෙන්න ඇති. ගොඩක් වෙලාවට ඒ අම්මා , තාත්තා , යාලුවෝ, නෑදෑයෝ, සහෝදරයෝ, ආදරවන්තිය හෝ ආදරවන්තයා එහෙම නැතිනම් සුවිශේෂීම පුද්ගලයෙක් වෙන්න පුලුවන් . හොදින් ඇස් ඇරගෙන බලන් නොහිටියොත් ඔයාගේ ජීවිතේ වෙනස් කරපු කෙනා කවදාවත් දැනගන්න ලැබෙන්නේ නෑ. මොකද සමහරු ඔයා ඉදිරියට නාවත් ඔයාගේ පිටුපස ඉදන් ලස්සන පාඩම් කියලා දෙනවා.

ඒවගේම ජීවිතේ සමහර සිදුවීම් ගොඩක් කටුකයි , වේදනාත්මකයි කියලා මුලින්ම ඒ දේවල් වලට මුහුණ දෙද්දි දැනෙන්න ඇති. ඒත් එහෙම නොවෙන්න ඔයාට කවදාවත් ඔයාගේ ශක්තිය තේරුම් ගන්න බැරි වෙන්න තිබුනා. ඒකෙන් වුනේ ඔයාගේ ශක්තිය එලියට ගෙනාපු එක.

හැමදේම වෙන්නේ කිසියම්ම හේතුවකට. අහම්බය නිසා හෝ වාසනාව නිසා නෙවෙයි. ලෙඩදුක් , අනතුරු , ආදරය , අහිමි වීම් වගේ දේවල් ඔයාගේ ආත්මයේ සීමාවන් පරීක්ෂණයට ලක් කරන ටෙස්ට් එකක් කිව්වොත් හරි. මේ කුඩා පරීක්ෂණ වලින් තොර ජීවිතය සිනිදු , සුමට , ඍජු , ආරක්ෂාකාරි මාවතක් වෙන්න තිබුනා. නමුත් ඒ ජීවිතය අර්ථ විරහිත බොල් එකක්.

ඔයාට හමුවෙන සමහරු ඔයාව රිදවලා ඇති , පාවලා දීලා ඇති , විශ්වාසය හදවත බිදින්න ඇති. එයාලට සමාව දෙන්න . මොකද එයාලා නිසා තමා විශ්වාසයේ වැදගත්කම , හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්න , දැනෙන්න ඉඩ සැලැස්සුවේ. කවුරුන් හෝ ඔයාට ආදරේ කලොත්, හේතු විරහිතව පෙරලා ඔවුන්ට ආදරේ කරන්න .මොකද ඔයාට ආදරේ කරන හේතුවම ඒ දේට ඇති. ඔවුන් ආදරේ කියලා දෙයි. විවෘත හදවතකින් බලන්නේ කොහොමද කියලා උගන්වයි.

හැම දවසක්ම , හැම මොහොතක්ම අගය කරන්න . ඒ මොහොතවල් ඔයාගේ කරගන්න. මොකද ගෙවෙන දවස් , ලස්සන මොහොතවල් ආයේ කවදාවත් නැවත ජීවිතේට එන්නේ නෑ. උපරිම ඒ මොහොත ඔයාගෙ කරන් ඒක විදින්න. කවදාවත් කතා නොකරපු මිනිසුන්ට කතා කරන්න . ඇත්තටම ඔවුන්ට ඇහුම්කන් දෙන්න . ආදරයට ඉඩ දෙන්න. සීමාවන් බිදින්න. ඉහල දැක්මක් ඇති කරගන්න . නිවැරදි දේ වෙනුවෙන් හිස ඔසවන්න. ඔයා විශිෂ්ඨයි , ඔයාට ඔයාව විශ්වාසයි කියලා ඔයාටම කියන්න . ඔයාට ඔයාව විශ්වාස නැත්නම් අනිත් අයට ඔයාව විශ්වාස කරන්න අමාරු වේවි. ඔයාට විතරයි ඔයාගේ ජීවිතේ ඔනෙ විදියට හදාගන්න පුලුවන් . යන්න ඔයාගේ ලෝකේ හදාගන්න.

සටහන : චාමිනි කුමාරතුංග

Advertisements

2 thoughts on “හොද දැක්මක් ඇති කරගමු..❤ ❤

Add yours

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

WordPress.com.

Up ↑

%d bloggers like this: