ආදරේට ආදරේ කරන්න ❤

ආදරේ කියන්නේ හැගීමක් ලු

ඉතින් ඒ හැගීම ආදරෙයි කියලා කියන අයම කොච්චරක් නම් රිද්දලා තියෙනව ද?

එහෙම නේද?

මට මෙහෙම හිතෙනවා. ඇත්තටම අපි ආදරේ කරන අපිට ආදරේ කරන අය මුණ ගැහෙනවනම් මේ ලෝකේ ආදරෙන් පිරිලා තියෙයි කියලා. ඒත් වෙන්නේ අපි ආදරේ කරන අය අපිට ආදරේ නොකර ආදරේ නොකරන අයගෙන් ආදරේ බලාපොරොත්තු වෙන එක. ඒකයි හැමෝගෙම හිත් එක වතාවක් හරි බිදිලා තියෙන්නේ . එහෙම රිදුනු හිතකට ලේසියෙන් කෙනෙක්ට ලං වෙන්න බෑ.

හැගීම් රිද්දගෙන වේදනා විදින්න අපි හරි ආසයි. ඇස් දෙක පියාගෙන අහන සින්දුවකට ඇස් අතරින් ගලාගෙන යන්න කදුලු වලට ඉඩ දෙන්නේ ඒකයි. හරියටම කිව්වොත් අපි ආසයි ආදරේ රිද්දන්න . ආදරේ නිසා රිද්ද ගන්න .

අන්තිමට අපි බලාපොරොත්තු වෙන ආදරේ හිතේ තියාගෙන වෙන කෙනෙක්ට ලං වෙනවා. එහෙම ලං වෙලා අපි බලාපොරොත්තු වෙන ආදරේ ඒ කෙනාගෙන් හොයන්න ගන්නවා. ලැබෙයි ද? සමහරවිට . ලැබුනේ නැත්නම් ආදරෙයි කියලා දෙයක් මේ ලෝකේ නෑ කියලා ආදරේට වෛර කරන්න එපා. එකම එක දෙයක් කරන්න .

ලැබෙන ආදරේට ආදරේ කරන්න .

රිද්දගෙන වේදනා විදින්න කාලය ගත කරොත් හිනා වෙලා ජීවත් වෙන්න තියෙන කාලය අපිට අඩු වෙනවා. ඔයාගේ හිනාවකින් සතුටු වෙන ගොඩක් අය ඉන්නවා.එතන ඔයාට ඇත්තටම ආදරේ කරන අයත් ඉන්න පුලුවන් කියලා අමතක කරන්න එපා.

සටහන : චාමිනි කුමාරතුංග

9 thoughts on “ආදරේට ආදරේ කරන්න ❤

Add yours

Leave a comment

Website Built with WordPress.com.

Up ↑